Lanka Focus News

සජිත්ගෙන් තරුණයන්ට ආරාධනයක්

සජිත්ගෙන් තරුණයන්ට ආරාධනයක්

රට ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වන්නැයි රටේ තරුණ පරපුරට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ‌ඊයේ (14) පැවසීය.

හැකියාව දක්ෂතාවය සහිත තරුණ පරපුර සඳහා කොන්දේසි විරහිතව රටේ මෙහෙයවීමේ වගකීම පැවරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි විහිදුම් බලකායේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහෙයි කියමින් වහල් භාවයෙන් යුතු තරුණ පරපුරක් වෙනුවට තරුණ අදහස් සමඟ නව ප්‍රගතිශීලි වැඩසටහනක් සමගි විහිදුම් බලකාය සමගින් ක්‍රියාවට නංවන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

සමගි විහිදුම් බළකායේ වැඩසටහන හා එක් වන්නයි පාට පක්ෂ භේදයකින් තොරව සියලුම තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කීවේය.

administrator

Related Articles