Lanka Focus News

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා ක්‍රමයෙන් ලිහිල් කිරීමත් සමඟ මෙරටට සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව එම අධිකාරිය සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් මාසය තුළ මෙරටට සංචාරකයින් 44,294 දෙනෙකු පැමිණ තිබේ.

මෙම වසරේ ගතවූ කාලය තුළ පමණක් සංචාරකයින් 104,989 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

administrator

Related Articles