බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 24 හැවරිදි ආර්යන් ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා.
ඒ, මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක ඊයේ රාත්‍රීයේ පැවති සාදයක් අතරතුරදීයි.
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක භාරයට ගත් පුද්ගලයින් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙස් වලාගෙන අදාල නෞකාවට ඇතුලු වී ඇති අතර එම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර තිබී කොකේන් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබෙනවා.