Lanka Focus News

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අයදුම්පත්‍ර ගැටලුව නිසා පීඩාවට පත් දරුවෝ

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ අයදුම්පත්‍ර ගැටලුව නිසා පීඩාවට පත් දරුවෝ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අයදුම්පත්‍ර යොමු කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (15) දිනයේ දී තීරණයක් ගැනීමට නියමිතය.

මීට අදාළ අයදුම්පත්‍ර යොමු කිරීමට අද දින දක්වා විදුහල්පතිවරුන්ට කාලය ලබා දී තිබුණි.

කෙසේවෙතත් ගුරු- විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ දක්වා අයදුම්පත්‍ර යොමුකර නොමැති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් “අද දෙරණ” සිදුකළ විමසීමකට පිලිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියෙකු සඳහන් කළේ අද දිනයේ දී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවය.

කෙසේවෙතත් ගුරු -විදුහල්පති වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙම කාලය තවත් සතියකින් පමණ දීර්ඝ කළ යුතු බවය.

administrator

    Related Articles

    Close
    shares