Lanka Focus News

ශ්‍රී ලංකාව ලකුණු 104ක් පිටුපසින්

ශ්‍රී ලංකාව ලකුණු 104ක් පිටුපසින්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි.

ඊයේ (31) දිනයේ තරඟය නතර කරනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහරදෙමින් සිටින පැතුම් නිශ්ශංක ලකුණු 49ක් ලබා සිටී.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 55ක් ලබාගත් අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 44ක් ලබාගත්තේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 354ක් ලබා ගැනීමට සමත් වුණි.

ඒ අනුව, ශ්‍රි ලංකා කණ්ඩායම කොදෙව් පළමු ඉනිමට වඩා කඩුලු දෙකක් අතැතිව තවත් ලකුණු 104ක් පිටුපසින් සිටී.

administrator

    Related Articles

    Close
    shares