Lanka Focus News

ශ්‍රී ලංකාව ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් කිරීමට කැපවෙනවා -අගමැති

ශ්‍රී ලංකාව ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් කිරීමට කැපවෙනවා -අගමැති

ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය තිරසර කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියන් සාගරයෙන් වට වූ දූපත් රාජ්‍යයක් ලෙස සාගරයට මෙන්ම එහි වැසියන්ට ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ද ඉකොනොමිස්” කණ්ඩායම විසින් සංවිධානය කළ ආසියා පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) මේ බව ප්‍රකාශ කර තිබේ.

පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සැලකිය යුතු මූල්‍ය හා මානව සම්පත් අවශ්‍ය වන බැවින්, සාගර සුවතාව වැඩිදියුණු කිරීමට සහ සමුද්‍ර ජෛව විවිධත්වය ඉහළ නැංවීම සඳහා සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන් වෙත තිරසාර සමුද්‍ර තාක්ෂණය සහ දැනුමෙන් සන්නද්ධ සංවර්ධිත රටවලට ආරාධනාකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

administrator

Related Articles