Lanka Focus News

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 29ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී එම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේය.

ඒ අනුව මෙම තරගය කඩුලු 10 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1කට 0ක් ලෙස ජයගත්තේය.

තරගයේ අවසාන දිනය වන අද (27) තරගය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටි සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 169ක් පමණි.

ලිටන් දාස් සහ ශකීබ් අල් හසන් අර්ධ ශතක ලබා ගත්හ.

පන්දු යැවීමෙන් සුවිශේෂ දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 6ක් දවා ගත්තේය.

මෙහි විශේෂත්වය වන්නේ ඉනිම දෙකේදීම අසිත ප්‍රනාන්දු ලකුණු 144කට කඩුලු 10ක් ලබාගැනීමය.

කසුන් රාජිත කඩුලු 2ක් හිමි කරගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 365ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 506ක් රැස් කළේය.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 145යි.

administrator

Related Articles