Lanka Focus News

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති දෙවන එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 103කින් ජය ලබා ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වුහ.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 246 ක් රැස් කළේය.

පිිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩාමට රැස්කළ හැකි වුයේ කඩුලු 9ක් දැවි ලකුණු 141ක් පමණි.

තරඟය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම ට පන්දු ඕවර 40ක් තුළ ලකුණු 245ක් ලබා ගත යුතු විය.

ඒ වර්ෂාව හේතුවෙන් බාධා වූ හෙයිනි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2යි 0ක් ලෙස ජය ගැනිමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩාය සමත් විය.

administrator

    Related Articles

    Close
    shares