Lanka Focus News

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර පැවැති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 05කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේය.

ඕමාන කණ්ඩායම වෙනුවෙන් අකිබ් ඉල්යාස් ලකුණු 59ක් රැස්කළ අතර කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 22ක් රැස් කිරීමට සමත්විය.

පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2ක බැගින් දවාගත් අතර බිනුර ප්‍රනාන්දු, දසුන් ශානක සහ මහේෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායම කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ සහ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 35ක් බැගින් රැස්කළහ.

ඒ අනුව තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත.

administrator

    Related Articles

    Close
    shares