Lanka Focus News

විස්ස සම්මත කර ගැනීමට පෙර යළි සිතන්න – භික්ෂූන් වහන්සේ පිරිසක් ජනපතිට ලිපියක් ලියයි

විස්ස සම්මත කර ගැනීමට පෙර යළි සිතන්න – භික්ෂූන් වහන්සේ පිරිසක් ජනපතිට ලිපියක් ලියයි

රට තුල ආන්දෝලනයට ලක්ව තිබෙන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බලන ලෙස ඉල්ලමින් භිකිෂූන් වහන්සේ 07නමක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

අදාල ලිපිය යොමු කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද, පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉදුරාගාරයේ ධම්මරතන, පූජ්‍ය මල්වානේ චන්ද්‍රරතන සහ පූජ්‍ය කපුගොල්ලෑවේ අනාන්ද යන ස්වාමීන් වහන්සේලා විසින්.

ප්‍රජාතාන්ත්‍රවාදී යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක වන ශක්තිමත් රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ව්‍යවස්ථාවක් ජනතාවගේ සැබෑ බලාපොරොත්තුව බවත් එහෙත් 20 බිහිවන්නේ අත්තනෝමතික් විධායකයක් බවත් උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

20 වැනි සංශෝධනය සම්මත කිරීමට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් ආන්දොලනයට තුඩු දී ඇති යෝජනා 07ක් සංශෝධනය කරන ලෙසයි එම භික්ෂූන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සඳහා ප්‍රතිපාදන හඳුන්වා දීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණයේ සඳහන් දේශය තුල වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ බාධකය ඉවත් කිරීම යන කරුණු නැවත සංශෝදනය කිරීම එලෙස ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක්.

විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50ක් කොටස් දරන සමාගම් ඉවත් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරිමේ අභිමතානුසාරි බලයක් ජනාධිපති වෙත ලබා දීම සහ කැබිනට් ඇමතිවරුන් ගණන 30කට සීමා කිරීමේ වගන්ති ඉවත් කිරීම යන කරුණුද නැවත සංශෝදනය කරන ලෙසයි අදාල ලිපිය මගින් ඉල්ලා ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීමට ඉදිරිපත් කර ඇති යොජනාවද සංශෝදනය කරන ලෙස එම භික්ෂූ වහන්සේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ දක්වා තිබෙනවා.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares