Lanka Focus News

විස්සයි විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

විස්සයි විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 3කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදී විස්සයි විස්ස තරගාවලියේ ජය තමන් සතු කරගැනීමට ඔස්ට්‍රේලියාව හැකිවිය.

පිළිතුරු ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් Aaron Finch ලකුණු 24ක් රැස්කරගැනීමට සමත්විය.

ඔස්ට්‍රේලියා ඉනිම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගිය Matthew Wade ලකුණු 26ක් රැසකර ගැනීමට සමත්විය.

කෙසේ වෙතත් ලකුණු 125ක ඉලක්කය පහසුවෙන් පසුකර යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔස්ට්‍රේලියාවට ඉඩ නොදීම විශේෂත්වයකි.

එහිදී අගනා පන්දු යැවීමක නිරතවෙමින් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කඩුලු හතරක් දවාගැනීමට සමත්විය.

දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස්කළේය.

පළමු ඕවරයේ 5වන පන්දුවේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 4කට දැවී ගියේ ග්ලෙන් මැක්ස්වෙල් ගේ පන්දුවක් හමුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලකුණු 07දී දැවී ගියේය. එහිදී පැතුම් නිස්සංක ජයි රිචර්ඩ්සන් ගේ පන්දුවකට ලකුණු 03කට දැවී ගියේය.

අනතුරුව පිටියේ එක්වූ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කළහ.

තෙවැනි කඩුල්ල ලෙස අසලංක ලකුණු 39කට දවා ගැනීමට මැක්ස්වෙල් සමත් විය. පන්දු 36කට මුහුණදුන් අසලංක 04 පහර දෙකක් සහ 06 පහර දෙකක් එල්ල කළේය.

සිව් වන කඩුල්ල ලෙස මෙන්ඩිස් ලකුණු 36කට දැවීගියේ ජයි රිචර්ඩ්සන්ගේ පන්දුවක් හමුවේ හිට් විකට් වීමෙනි.

ඒ වනවිට ලකුණු සංඛ්‍යාව 90කි.

ලකුණු 101ක් ව තිබියදී භානුක රාජපක්ෂ ලකුණු 13කට කේන් රිචර්ඩ්සන් ගේ පන්දුවකට දැවී ගියේය.

අනතුරුව මුළු ලකුණු ගණන 121ක්ව තිබියදී වනිඳු හසරංග ලකුණු 12කට දැවී ගියේය.

19 වැනි පන්දු ඕවරයේ පළමු පන්දුවේදී ශානක ලකුණු 14කට දැවී ගියේ කේන් රිචර්ඩ්සන්ගේ පන්දුවක් හමුවේය.

දුෂ්මන්ත චමීර ලකුණු නොලබා දැවී ගියේය.

චාමික කරුණාරත්න ද ලකුණු ලබා ගැනීමට අසමත් විය.

පන්දු යැවීමෙන් ජයි රිචර්ඩ්සන් ලකුණු 26කට කඩුලු 3යි.

කේන් රිචර්ඩ්සන් ලකුණු 30කට කඩුලු 4යි.

ශ්‍රී ලංකා ඉනිමේ 18 වැනි ඕවරයේ අවසන් පන්දුවේදී සහ 19 වැනි පන්දු ඕවරයේ පළමු සහ දෙවැනි පන්දු වලදී කඩුලු දෙකක් දැවී ගියේය.

ඒ අනුව “කණ්ඩායම් කඩුලු ත්‍රිත්වයක් (හැට්‍රික්) එකක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

administrator

Related Articles