Lanka Focus News

වියට්නාමයේ නාය යෑමකින් හමුදා සාමාජිකයින් 22ක් අතුරුදන්

වියට්නාමයේ නාය යෑමකින් හමුදා සාමාජිකයින් 22ක් අතුරුදන්

වියට්නාමයේ සිදුවූ නාය යෑමකින් එරට හමුදා සාමාජිකයින් 22ක් අතුරුදන් වී තිබේ.

දින කිහිපයක සිට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ එරට ක්වාන්ට්‍රයි ප්‍රදේශයේ නායයාම හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූවන් අතර ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ද වන බව සඳහන් වේ.

අතුරුදන් වූවන් සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙ අතර, පසුගියදා මධ්‍යම තායිවානයේ සිදුවූ නාය යෑමකින් ද හමුදා සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබුණි.

මෙම මාසය ආරම්භයේ සිටම හටගත් ගංවතුර සහ නායයාම් හේතුවෙන් තායිවානයේ මේ වන විට පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares