අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබේ.
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.