Lanka Focus News

විමල්ගේ නිවසේ සාකච්ඡාවක්

විමල්ගේ නිවසේ සාකච්ඡාවක්

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (13) අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි බව වාර්තා විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවය.

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවැති මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පාර්ශ්වන්ගේ සම්පූර්ණ සහාය උදය ගම්මන්පිල මහතා වෙත හිමිවන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා,

“උදය ගම්මන්පිල ඇමතිතුමාට අස්වෙන්න කියලා සාගර කාරියවසම් කියලා තිබුණා නේ. ඒක ගැනයි සාකච්ඡා කළේ. අපේ සහාය එතුමට තියෙනවා.”

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ, “මේ පරණ තරහක් ද පිරිමහන්න ගන්නේ ඔබතුමාලත් එක්ක ?”

අමාත්‍යවරයා, “ඕවට මට උත්තර දෙන්න බෑ. උදය ගම්මන්පිලගේ සාකච්ඡාවෙන් පස්සේ අපි හමුවෙමු.”

administrator

    Related Articles

    Close
    shares