Lanka Focus News

විපක්ෂ නායකගේ නම කථානායක පිළිගනී

විපක්ෂ නායකගේ නම කථානායක පිළිගනී

09 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කෙරුණු අතර ඒ අනුව වෙනත් නම් නොමැති හෙයින් ඔහුව තෝරා පත් කර ගනු ලැබුවා.

ඔහුගේ නම යෝජනා කළේ අමාත්‍ය මහින්ද අමරවීර විසින්. එයද පාර්ලිමේන්තු සභාව විසින් සම්මත කෙරුනා.

නියෝජ්‍ය කාරක සභාවේ සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් පත්කිරීමට නිමල් සිරිපාල ද සිල්වා විසින් යෝජනා කළ අතර සභාව විසින් එය ස්ථිර කෙරුණා.

තවද විරුද්ධ පාර්ශ්වයේ නායකයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම පිළි ගන්නා බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සභාවට දැනුම් දුන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මංගල සැසියේ කටයුතු අද පස්වරු 3.00 දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පක්ෂ නායක රැස්වීමක් සඳහා කටයුතු යොදා ඇති බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

administrator

    Related Articles

    Close
    shares