Lanka Focus News

විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට අභියෝගයක්

විපක්ෂ නායකගෙන් ආණ්ඩුවට අභියෝගයක්




නව රජයක් පිහිටුවීම වෙනුවෙන් වහාම ජනමතය උරගා බලන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පවතින ගැටලු විසඳිය හැකි නව ප්‍රතිපත්ති මාලාවක් යටතේ රටේ වගකීම භාරගැනීමට සමගි ජනබල සන්ධානය සුදානම් බවය.

බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

“මේ රට විනාශ කරන මේ රජය ප්‍රජාතන්ත්‍රවාදීව එළවා දැමීමේ ජාතික ව්‍යායාමය අපි ක්‍රියාත්මක කරනවා. අපි කියනවා මේ රෑකඩ ආණ්ඩුවේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයටත් ඔබලා මේ රටේ ජනතාවගේ ජනමතය නියෝජනය කරනවා නම් අද හොඳම කාලය එළඹිලා තියෙනවා. ජනමතයට සවන්දෙන්න. අපි අභියෝග කරනවා ඔබ සියලුදෙනාටම වහාම ජනමතයට ඉඩක් ලබාදෙන්න. වහාම ජනමතයට අවස්ථාවක් ලබාදෙන්න. එතකොට රටේ ජනතාව තීන්දු කරයි රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳම කණ්ඩායම, ප්‍රසස්තම කණ්ඩායම කොතැන ද මේ රට ගොඩගන්නා වූ ප්‍රතිපත්ති මාලාව, මාර්ග සිතියම තියෙන්නේ කියන එක ගැන රටේ ජනතාව තීන්දුව කරයි. අපේ භූමිකාව අලුත් වරමක් තුළ රටේ පාලනය ජනතාවගෙන් ඉල්ලීම. අපි සුදානම් රටේ වගකීම භාරගන්න.”




administrator

Related Articles