Lanka Focus News

වැටුප් වැඩිවීම සම්බන්ධ මාධ්‍ය වාර්තා ගැන අගමැති කාර්යාලයෙන් පැහැදිළි කිරීමක්

වැටුප් වැඩිවීම සම්බන්ධ මාධ්‍ය වාර්තා ගැන අගමැති කාර්යාලයෙන් පැහැදිළි කිරීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නුදුරේදී ගෙන ඒමට නියමිත අන්තර්කාලීන අයවැය ඔස්සේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය පැහැදිළි කිරීමක් සිදුකර ඇත.

එහි සඳහන් වන්නේ එම අයවැය හරහා එම මාධ්‍ය වාර්තාවල සඳහන් ආකාරයට වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර අදාළ නිවේදනය මගින් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉදිරි අයවැය හරහා ජනතාවට සහන ලබාදීමට බලාපොරොත්තු වන බවය.

සෞඛ්‍ය සහ අධ්‍යාපන හැර අනෙකුත් අමාත්‍යංශවල ප්‍රතිපාදන අඩු කිරීම තුළින් මෙම සහන ලබාදීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

administrator

Related Articles