Lanka Focus News

වාහන ගෙන්වීම ගැන අලුත්ම ඉඟිය මෙන්න

වාහන ගෙන්වීම ගැන අලුත්ම ඉඟිය මෙන්න

විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා වන බලපත්‍රයක් විදෙස්ගත ශ්‍රමිකයින් වෙත ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරන රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ගයෙන් මෙරටට මුදල් එවීමේදී, ඔවුන් එවන මුදල අනුව විදුලි ආරෝපනයෙන් ධාවනයවන විද්‍යුත් වාහන ආනයනය කිරීමට අවසර ලබාදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙසේ ආනයනය කරනු ලබන වාහන, ප්‍රධාන විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකිවන ක්‍රමයක් නිර්මාණය කරන බවද අමාත්‍යවරයා පවසයි.

මේ අතර විදේශගත ශ්‍රමිකයින්ගේ සිහිනයක් බවට පත්ව තිබෙන නිවාස සිහිනය සැබෑ කරගැනීමට අඩු පොලියට නිවාස ණය ලබාදීමේ ක්‍රමවේදයක් හදුන්වාදීමට රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකු සමග සාකච්ඡා කර ඇති බවද ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

administrator

Related Articles