Lanka Focus News

වාහන ආනයනයට සූදානම් ද?

වාහන ආනයනයට සූදානම් ද?

වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ඊයේ (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කළේය.

“අපි වාහන ගෙන්වීම පසුගිය මාර්තු මස නැවැත්තුවා. වාහන ගෙන්වීම සීමාකර තිබෙනවා. මම හිතන්නේ නෑ ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා. සමහරු මා සමග එකඟ වෙන්නේ නැති වෙයි. තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත වන්නේ නෑ.”

මේ අතර බදු අය කිරීමට සූදානම් ක්ෂේත්‍ර සහ භාණ්ඩ පිළිබඳව ඊ (13) පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ,

“බදු අයකර ගන්නා අංශ කිහිපයක් අපි හඳුනාගෙන තියෙනවා. ඒක දැම්ම එළියට දැම්මොත් සමහරවිට අයුතු වාසි ගනී. මට උපදෙස් ලැබුණා ඒ භාණ්ඩ මොනවද කියලා දැම්ම කියන්න එපා කියලා.. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්. ඒ නිසා බදු අයකරන භාණ්ඩ සහ ඒකෙන් නිදහස් කරන භාණ්ඩ මොනාද කියලා ඉතාම ඉක්මණින් දැනගන්න පුළුවන්. “

administrator

    Related Articles

    Close
    shares