Lanka Focus News

ව්‍යාපාරිකයා ට වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය සොයාගනී

ව්‍යාපාරිකයා ට වෙඩිතැබීමට පැමිණි මෝටර් රථය සොයාගනී




පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරිකයෙකු වෙඩිතැබීමට සැකකරුවන් පැමිණි මෝටර් රථය කඩවත ප්‍රදේශයේදී සොයාගෙන ගෙන තිබේ.

අදාළ මෝටර් රථය කඩවත නගරය ආසන්නයේදී ඇවිදින මංතීරුව අසල දමාගොස් තිබියදී හමුවූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඊයේ (21) මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කරුවෙකු විසින් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ දී ව්‍යාපාරිකයෙකු ට වෙඩි තබා පළාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.




administrator

Related Articles