කොළඹ වරාය පරිශ්‍රයේ ගොඩගැසී ඇති බහලුම් නිදහස් කිරීම සඳහා අද (14) සහ හෙට (15) නිෂ්කාශන කටයුතු සිදුකිරීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ වරාය පරිශ්‍රයේ ගොඩ ගැසී ඇති බහලුම් කඩිනමින් නිදහස් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය.
මේ අතර කුමණ බාධා හමුවේ වුවද වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගන්නා බව වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.