Lanka Focus News

වනිඳුගෙන් බේරෙන්න – මුරලි අනතුරු අඟවයි

වනිඳුගෙන් බේරෙන්න – මුරලි අනතුරු අඟවයි




ඕස්ට්‍රේලියානු තණතීරුවලදී පා දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තර්ජනයක් වන බැවින් ඔහුගෙන් ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක  මුත්ත්යියා මුරලිදරන් අනෙකුත් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීය.

“ඔහු විශිෂ්ට විස්සයි20 පන්දු යවන්නෙක්. පසුගිය වසර 2-3 තුළ ඔහු ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඔහු තරුණයෙක්,” මුරලිදරන් ඉන්දියාවේදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

“ඕස්ට්‍රේලියාවේ, අනිවාර්යයෙන්ම පා දඟ පන්දු යවන්නන්ට වැඩි අවස්ථාවක්  තියෙනවා. ඔහුට එරෙහිව පන්දුවට පහර දීම දුෂ්කර වේවි. ඔබ ඔහුට එරෙහිව ඉතා ප්‍රවේශම් විය යුතුයි.”




administrator

Related Articles