ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1,916 යි සත 91 ක් ලෙසය.
ලෝක වෙළෙඳපොළේ මෙතෙක් රත්‍රං අවුන්සයක් සඳහා වැඩිම මිලක් වාර්තා වූයේ 2011 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර එය අමෙරිකානු ඩොලර් 1,920 යි සත 30 ක් ලෙස දැක්වුණි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආයෝජකයන් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම මෙලෙස රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ යාමට හේතුව බව වෙළෙඳපොළේ විශ්ලේෂකයන් සඳහන් කළේ ය.