Lanka Focus News

ලැබෙන සෑම මනාපයකටම එක පැළයක් බැගින් සිටුවනවා…. නීතිඥ උදය ගම්මන්පිල

ලැබෙන සෑම මනාපයකටම එක පැළයක් බැගින් සිටුවනවා…. නීතිඥ උදය ගම්මන්පිල

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැළයක් බැගින් සිටුවන බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පෙරේදා (27 ) දින පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙන ලදී. ඒ මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේ කොළඹදී පැවති ‘හරිත හෙටක් – මනාපයට පැළයක්’ ප‍්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.

මැතිවරණ තමයි පරිසරයේ මාරයා බවට පත්වෙලා තියෙන්නේ. පරිසර ඇමැතිවරු පරිසර අධිකාරිවල හිටපු සභාපතිවරු මැතිවරණයට බැස්සහම පරිසරය අමතක වෙනවා. කාලයක් පොලිතින් ටොන් ගණනින් පරිසරයට එක් වුණා. පෝස්ටර් කෝටි ගණනින් පරිසරයට එකතු වුණා. අපි දන්නවා පෝස්ටර් එකක ආයුකාලය පැය කීපයයි. නැතිනම් දින කිහිපයයි. ඒ නිසා එක හදන්නේ ඉතාම බාල තීන්ත භාවිතයෙන්. වැසි කාලෙට මේ පෝස්ටරේ තියෙන විෂ රසායනික පරිසරයට එකතු වෙනවා. ලක්ෂ ගණනින් ගස් කැපෙනවා පෝස්ටර් තැනීම සඳහා. රතිඤ්ඤා හරහා ශබ්ද ¥ෂණයක් විතරක් නෙවේ එහි අඩංගු විෂ ද්‍රව්‍යත් පරිසරයට එකතු වෙනවා. මේ සියල්ල නිසා මැතිවරණ කාලයේ පරිසරය ¥ෂණය වී දැවැන්ත විනාශයක් සිදුවෙනවා.

ඒ වගේම මෑත කාලේ අලූත් සංස්කෘතියක් එකතු වුණා පරිසර විරෝධී මැතිවරණ ව්‍යාපාර තුළ. ඒ තමයි රථ පෙළපාලි යෑම. ලොක්කෙක් කියලා දැනෙන්න නම් විශාල වාහන ප‍්‍රමාණයක් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ තිබිය යුතු යැයි අපේක්ෂකයන් කල්පනා කරනවා. එවිට මා තනි වාහනයෙන් තනියම පැමිණෙන කොට මා වට

කරගෙන පිරිසක් නැති වුණාම බොහෝ දෙනෙක් අහනවා ඔහොම ආවහම ෂෝ එකක් නෑ නේද? පිරිස් බලයක් පෙනෙන්නෙ නෑ නේද කියලා. නමුත් වාහන විශාල ප‍්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් පරිසරයට කාබන් විමෝචනය වීමෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳ මේ අයට කිසිම අවබෝධයක් නැති බව පේනවා. ඒ නිසා මැතිවරණ ව්‍යාපාරයක් තුළ වාහනවල සිදුවන ඉන්ධන දහනයෙන්, පෝස්ටර් පත‍්‍රිකා මුද්‍රණය කිරීමට භාවිතා වන විදුලිය ජනනය කිරීම සඳහා ගල් අඟුරු භාවිතයෙන්, ඞීසල් යනාදිය භාවිතයෙන් සිදුවන කාබන් විමෝචනය නිසා පරිසරයට දැවැන්ත හානියක් සිදුවෙනවා. මේ පරිසරයට මුදාහරින කාබන් උරා ගැනීමේ හැකියාව තියෙන්නෙ ගස් වැල්වලට විතරයි. මේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ සිදු වෙන දැවැන්ත පරිසර හානිය සමනය කරගැනීම සඳහා අපට තිබෙන හොඳම විසඳුම පරිසරය වෙනුවෙන් හැකි පමණින් ගස් වගා කිරීම පමණයි. පැළයක් එකතු කිරීම පමණයි.

මේ පිළිබඳ යම් සංකල්පයක් පසුගිය

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා. අපි අමතක කරන්න නරකයි 2009 පළාත් සභා මැතිවරණයේදී පෝස්ටර් පොලිතින් රතිඤ්ඤා නැති මැතිවරණ ව්‍යාපාරයක් කරන බවට මා දළදා වහන්සේ ඉදිරියේ ප‍්‍රතිඥාවක් ලබා දුන්නා.

මම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස එදා මා දැක්ක පරිසර විනාශය ආදර්ශයෙන් නතර කළ යුතුයි කියන විශ්වාසය නිසා තමයි එදා මම පරිසර අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙලා දළදා වහන්සේ ඉදිරියට ගිහිල්ලා ලිඛිත ප‍්‍රතිඥාවක් ලබා දුන්නේ මාගේඅනාගත කිසිම මැතිවරණයක පෝස්ටර් පොලිතින්, රතිඤ්ඤා භාවිතා කරන්නේ නැහැ කියලා.

අපේ ප‍්‍රතිඥාව පසුගිය පක්ෂ නායක රැුස්වීමකදී පෝස්ටර්වලින් තොරව ජනාධිපතිවරණය කරන්න යෝජනා කරාම එක් දිස්ත‍්‍රික් නායකයෙක් කිව්වා ගම්මන්පිල ඇමැතිතුමාගේ වැඬේ කොළඹට හොඳයි ගමට ගැළපෙන්නෙ නෑ. ගමට ෂෝ එක නැත්තං ඡුන්ද ටික එකතු කරන්න බෑ කියලා. නමුත් ජනාධිපතිතුමන්ගේ

තෝරාගැනීම වුණේ ෂෝ එක නැතත් ඡුන්ද නැතත් පරිසරය සුරැුකීම වැදගත්. පරිසරය එක. මැතිවරණය දෙක කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරපු නිසා තමන්ගේ ඡුන්ද අඩු වීමේ අවදානම අරගනිමින් එතුමා පෝස්ටර්වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කිරීමට

තීරණය කළා. එදා අපි කොළඹට ගෙනාපු ප‍්‍රතිපත්තිය අද ජාතික ප‍්‍රමිතිය බවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. ජාතියේ වාසනාවට මේ වන විට පරිසර හිතකාමී ගැඹුරු පරිසර සංකල්ප පිළිබඳ අවබෝධයක් තිබෙන කෙනෙක් මේ රටේ ජනාධිපති ධුරය දරනවා. ඒ නිසා මහාචාර්ය සරත් කොටගම

මැතිතුමනි, මහාචාර්ය හේමන්ති රණසිංහ මැතිනියනි, සමන්ත ගුණසේකර මැතිතුමනි ඔබතුමන්ලා පරිසරය සුරැුකීම පිළිබඳ මොනතරම් පර්යේෂණ කරන්න ඇද්ද? මොනතරම් වාර්තාවක් සකසන්න ඇද්ද? පරිසරයේ අධිකාරියේ ලාච්චු තුළ මෙවැනි වාර්තාවන් ගොඩගැහිලා ඇති. ම මනාපයක් වෙනුවෙන්ම එක් පැළයක් ගාණේ පරිසරයට එකතු කරන්න. මට කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාව ලබා දෙන මනාප ගණන ලක්ෂ තුනක් නම් ඉදිරි වසර 5 තුළදී ලක්ෂ තුනක් නව පැළෑටි රෝපණය කිරීමේ ප‍්‍රතිඥාව අද ලබා දෙනවා.

administrator

    Related Articles

    Close
    shares