Lanka Focus News

රුසියාව මුල පිරුවේ නැත්නම් නේටෝ රුසියාවට පහරදෙනවා

රුසියාව මුල පිරුවේ නැත්නම් නේටෝ රුසියාවට පහරදෙනවා




රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් යුක්රේන සටනට මුලපිරීම නොගත්තේ නම්, නේටෝ සන්ධානය, කියෙව් විසින් තමන්ගේම ඉඩමක් ලෙස ප්‍රකාශ කරන ක්‍රිමියාව සම්බන්ධයෙන් රුසියාව සමග යුද්ධයකට එලැඹෙන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පවසයි.

ටෙහෙරානයේදී පූටින් සමග කතා කරමින් කමේනි ප්‍රකාශ කළේ, “යුක්රේනය සම්බන්ධයෙන්, ඔබ මූලිකත්වය නොගත්තේ නම්, අනෙක් පාර්ශ්වය යුද්ධය ආරම්භ කරනු ඇති” යනුවෙනි.

යුක්රේනයේ ගැටුම ආරම්භ වීමෙන් පසුව රුසියානු නායකයාගේ දෙවැනි විදේශ සංචාර මෙය වන අතර, පූටින් ඉරාන අගමැති ඊබ්‍රහිම් රයිසි සමගද සාකච්ඡා කිරීමට නියමිතය.

බටහිර විසින් ශක්තිමත් සහ ස්වාධීන රුසියාවට සම්පූර්ණයෙන්ම විරුද්ධව කටයුතු කරන බවත්, නේටෝව එහි ව්‍යාප්තවාදී ප්‍රතිපත්තියේ සීමා මායිම් නොදකින භයානක ආයතනයක් ලෙසත් ඉරාන ආධ්‍යාත්මික නායකයා විස්තර කළේය.

අධිරාජ්‍ය කාලයේ සිට රුසියානු දේශය ලෙස සැලකෙන ක්‍රිමියාව 1954 දී සෝවියට් අගමැති නිකිටා කෘෂෙව් විසින් සෝවියට් යුක්රේනය වෙත පවරා දෙන තුරු සෝවියට් සංගමය තුළ ස්වාධීන ජනරජයක් ලෙස පැවතියේය. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුව එම කලාපය යුක්රේන පාලනයට නතු වුවත්, 2014 දී ඡන්දයෙන් රුසියාවට සම්බන්ධ විය.




administrator

Related Articles