Lanka Focus News

රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්

රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුවක්




අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමට පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ රුපියල් බිලියන 695ක ප්‍රතිපාදන ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යපෘති යටතේ සලසා ගනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

පවතින අයහපත් ආර්ථික වාතාවරණය හේතුවෙන් මහජනතාවට මුහුණපෑමට සිදුව ඇති පීඩාවන් හැකි පමණ අවම කිරීම සඳහා සමෘද්ධිලාභීන්ට, වතු ජනතාවට, විශ්‍රාමිකයින්ට හා රජයේ සේවකයින්ට 2022 වර්ෂයේ ආරම්භයේ දී රජය විසින් සහන පැකේජයක් හඳුන්වා දුන්නේය.

ඒ සඳහා ද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන්කිරීමට නියමිතය.




administrator

Related Articles