පුරප්පාඩු වූ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සඳහා 2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ මහතා එම මැතිවරණයේදී මනාප ඡන්ද 47,212ක් හිමිකර ගනිමින් ගම්පහ මනාප ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබුණි.
අජිත් මාන්නප්පෙරුම මහතාගේ නම දිස්ත්රික් තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරිමෙන් අනතුරුව එය ගැසට් මගින් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් දැරීමට නුදුසුස්සෙකු බවට පත්ව ඇති බැවින් නව වන පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී තිබේ.
අද (07) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මේ බව දැනුම් දී ඇති බවය.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවීම හේතුවෙන් සිව් වසරක සිරදඩුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතා තම පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසිකිරිම වැලැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම පසුගිය දා අභියාචනාධිකරණය විසින් නිෂ්ප්රභ කළේය.