Lanka Focus News

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීරණය

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීරණය

රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී නිවේදන පිළිබඳ දන්වමින් ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවු බවය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ.

administrator

    Related Articles

    Close
    shares