Lanka Focus News

රටේ පවතින කොවිඩ් තත්ත්වය ගැන අදත් මැතිසභයේ විවාදයක්

රටේ පවතින කොවිඩ් තත්ත්වය ගැන අදත් මැතිසභයේ විවාදයක්

රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබද සභාව කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි. එම විවාදය පෙරවරු 10 සිට පස්වරු 4 යි 30 දක්වා පැවැත්වීමටයි ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද විවාදය අද දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණා. එහෙත් එම පනත් කෙටුම්පත පිළිබදව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට නොලැබීම හේතුවෙන් එම කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය අද දිනයේ නොපැවැත්වීමට ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කෙරුණු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ.

administrator

    Related Articles

    Close
    shares