Lanka Focus News

රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ

රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ

හදිසියේ ඇති වූ දැඩි අසනීප තත්ත්වයක් හේතුවක් ඉන්දියාවේ සුපිරි නළු රජිනිකාන්ත් මහතා රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රපටයක් රූගත කිරීම සඳහා හෙතෙම හයිද්‍රාබාද් නුවරට පැමිණ ඇති අතර එහිදි ඔහුගේ රුධිර පීඩනයේ ඇති වූ හදිසි උස් පහත් වීම් හේතුවෙන් මෙලෙස රෝහල් ගත කර තිබේ.

පසුගිය දින දහය මුළුල්ලේ ප්‍රවීණ නළු රජිනිකාන්ත් හයිද්‍රාබාද් හි සිට ඇති බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (25) උදෑසන ඔහු රෝහල් ගත කෙරුණු බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හයිද්‍රාබාද් නුවර ඇපලෝ රෝහල සඳහන් කළේ ය. ඔහුඇතුළත් කර ඇත්තේ ද එම රෝහල ටය .

රජිනිකාන්ත් මහතා සමඟ රූපගත කිරීම්වලට සම්බන්ධ වූ කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව දෙසැම්බර් 22 වැනිදා තහවුරු වූ බවත් කෙසේ නමුත් රජිනිකාන්ත් මහතාට වයිරසය ආසාදනය වී නැති බවත් පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ බවත් රෝහල නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

රජිනිකාන්ත් වෙනමම තබා ඔහුගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ද රෝහල සඳහන් කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares