Lanka Focus News

යුද පිටියට එන රොබෝ සුනඛයෝ

යුද පිටියට එන රොබෝ සුනඛයෝ

අමෙරිකානු හමුදා ගුවන්යානයක් අතහැරදමා ඇති පාළු ගුවන්පථයකට ගොඩ බස්වයි. හමුදා භටයින් ප්‍රවේසමෙන් එළියට පැමිණීමට පෙර රොබෝ සුනඛයින් සිව්දෙනෙක් එක්වරම එළියට පනී.

හමුදා භටයින් ගුවන්යානය වටා ස්ථානගත වීමට පෙර එම රොබෝ සුනඛයින් අවට ඉතා පරීක්ෂාකාරීව බලයි.

මේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කොටසක් නොවේ. එසේම හමුදාමය ක්‍රියාන්විතයක් හෝ නොවේ.

එය සිදුවූයේ රොබෝවරුන් යොදාගෙන සිදුකළ විශාල හමුදාමය පුහුණු සැසියකදී ය.

සුනඛයින් ආකාරයට නිමවා ඇති එම රොබෝ යන්ත්‍ර, අමෙරිකානු හමුදා සඳහා හඳුන්වා දී ඇති වෙනස්කම් වලින් එකකි.

එම සම්පූර්ණ ක්‍රියාවලිය Advanced Battle Management System යනුවෙන් නම්කර ඇත.

මෙහිදී රොබෝ යන්ත්‍ර සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ඇත්තේ රුසියාව, චීනය, සහ ඊශ්‍රායලය වැනි රටවලට ඉදිරියෙන් සිටීමේ අරමුණින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම රොබෝ යන්ත්‍ර නිර්මාණය කර ඇත්තේ අවුල් සහගත සංකීර්ණ සටන් බිමකදී මිනිසාට උදව්කළ හැකි ආකාරයටය.

එවැනි තත්ත්වයකදී සංකීර්ණ දත්ත එකතුකිරීමේ හැකියාව සහ එම දත්ත විශ්ලේෂණය කිරීමට ඊට හැකියාව ඇත. ඒ ස්වයංක්‍රීය ක්‍රමවේද සහ කෘතිම බුද්ධිය භාවිතයෙනි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares