Lanka Focus News

යුක්‍රේනය වෙනුවෙන් විදේශික බළකායක් යුද්ධයට

යුක්‍රේනය වෙනුවෙන් විදේශික බළකායක් යුද්ධයට

රුසියා – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 17ක් ගතවී ඇත.

අද දිනයේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූපවල ඇත්තේ රුසියානු හමුදා යුක්‍රේනයේ කියුව් අගනුවරට අතිශය සමීප වී සිටින ආකාරයයි.

මේ අතර යුක්‍රේන රජය රුසියානු හමුදාවට එරෙහි සටනට සහාය වීමේ කැමැත්තෙන් පසුවන විදේශිකයින්ගෙන් සැදුම්ලත් ස්වේච්ඡා බලකායක් පිහිටුවා තිබේ.

20,000ක් පමණ විදේශිකයන් දැනටමත් ඊට සම්බන්ධ වී ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බටහිර රටවල් නියෝජනය කරන බව සඳහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුවෙක් ලෙස සැලකෙන කැනඩා හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන චාලි නැමැති 40හැවිරිදි පුද්ගලයෙකු ද යුක්‍රේන සටනට එක්ව ඇති බවය.

“අර ජීප් එකේ ඉන්න මගේ යාළුවා. මට දැන්වුවා හිටපු ස්නයිපර් වෙඩික්කරුවෙක් නිසා අපිට ඔබව අවශ්‍යයි කියලා. මම කිව්වා හරි මම එය කරන්නම් කියලා.” එම ස්නයිපර් වෙඩික්කරු මාධ්‍යට පවසා තිබුණි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා කරන්නේ, ජාත්‍යන්තර නීතියේ සියලු සම්මතයන් උල්ලංඝනය කරමින් බටහිර අනුග්‍රාහකයන් විසින් යුක්රේන ගැටුම සඳහා විවෘතව, කුලී හේවායන් බඳවාගනිමින් සිටින බවය.

මේ අතර රුසියානු ජනාධිපතිවරයා නැගෙනහිර යුක්රේනයේ දී රුසියාව වෙනුවෙන් සටන් වැදීම සඳහා මැදපෙරදිග ස්වේච්ඡා භටයින්ට අවසර ලබාදී තිබුණි.

මැදපෙරදිග සිට 16,000ක් දෙනා රුසියාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඩොන්බාස් වෙත පැමිණීමට සූදානම්ව සිටින බව පැවසෙන අතර ඉදිරි යුද පෙරමුණට එක්ව සිටින සිරියානු සටන්කාමීන්ගේ වීඩියෝවක් රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අයත් රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය කෙරුණි.

administrator

Related Articles