Lanka Focus News

යුක්‍රේනයේ සහායට කැනඩාව

යුක්‍රේනයේ සහායට කැනඩාව

යුද අවදානම මැද කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ යුක්‍රේනය වෙත පැමිණ තිබේ.

එහිදී ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ටෘඩෝ අනාවරණය කළේ, වසාදැමුණු කියුව් හි කැනඩා තානාපති කාර්යාලය නැවතත් විවෘතකරන බවය.

තවද අඛණ්ඩව යුක්‍රේනය වෙත යුද ආධාර සපයන බවද ඔහු අවධාරණය කර තිබේ.

ඒ අනුව ඩ්‍රෝන කැමරා, චන්ද්‍රිකා ඡායාරූප ඇතුළු තවත් අවි ආයුධ සැපයීම කැනඩාවේ අපේක්ෂාවය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරම්භ කළ යුද්ධය සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමේ වැදගත්කමත් ටෘඩෝ මෙහිදී සිහිපත් කර තිබේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති බිරිඳ ජිල් බයිඩන් හදිසියේ යුක්‍රේනය වෙත පැමිණ තිබුණි.

එහිදී ඇය ජනාධිපති ආර්යා ඔලේනා සෙලෙන්ස්කා හමුවූ අතර හමුව පැවැත්වුණේ අවතැන් වූවන් රුඳීසිටින තාවකාලික කඳවුරක් තුළය.

අමෙරිකානු ජනතාව යුක්‍රේනියානු වැසියන් වෙනුවෙන් පෙනී සිටින බව තහවුරු කිරීම සිය සංචාරයේ අරමුණ බවත් ජිල් බයිඩන් මෙහිදී පවසා තිබුණි.

පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භවීමෙන් පසු ජනපති බිරිඳ ඔලේනා ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව ද මෙය වෙයි.

මේ අතර යුක්‍රේනයේ වඩාත් ප්‍රකට සේවා සුනඛයෙකු ඇගයීම ජනාධිපති සෙලෙන්ස්කි පසුගියදා කටයුතු කළේය.

එම සුනඛයා චර්නහිව් හි සේවය කරමින් බෝම්බ නිෂ්ක්‍රිය අංශයට සහාය දෙමින් සිටී.

මේ අනුව සුනඛයාට සහ ඔහුගේ හිමිකරුට රාජ්‍ය සම්මාන ලබාදීමට ජනාධිපති සෙලෙන්ස්කි කටයුතු කර ඇත්තේ, ජාතිය වෙනුවෙන් කළ කැපවීම අගය කරමිනි.

administrator

Related Articles