රුසියානු හමුදා ප්‍රහාරවලින් Sievierodonetsk නගරයේ පිහිටි රසායනික කම්හලක් විනාශ වී තිබේ.
කලාපයේ යුක්රේන ප්‍රධානියා සඳහන් කර ඇත්තේ (11) එල්ල වූ එම ප්‍රහාරයෙන් රසායනික ද්‍රව්‍ය ටොන් ගණනක් කාන්දුවීමට ලක්ව ඇති බවය.
සෙවෙරොඩොනෙට්ස්ක් නගරයේ බොහෝ ප්‍රදේශවල පාලනය රුසියානු හමුදා අතට පත්ව තිබුණ ද තවදුරටත් යුක්රේන පාලනයේ පවතින ප්‍රදේශයක මෙම කම්හල පවතින බව වාර්තා වේ.
එම කම්හලේ භූගත ගොඩනැගිලිවල යුක්රේන සිවිල් වැසියන් 800ක් පමණ රැඳීසිටින අතර දිගින් දිගටම රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.