Lanka Focus News

මෙවර හජ්ජි වලට සත්තු මරන්න බෑ

මෙවර හජ්ජි වලට සත්තු මරන්න බෑ

පෝය නිසා උත්සවය දින දෙකකට සීමා වෙයි

හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් මුස්ලිම් දේවස්ථාන තුල සිදු කරනු ලබන සත්ව ඝාතන සඳහා මෙවර අවසර නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුෆ් සභාව තීරණය කර තිබේ.

හජ් උත්සව සමයේ මුස්ලිම් ජනතාව විසින් දානමය කටයුත්තක් වශයෙන් මෙම සතුන් ඝාතනය සිදු කරනු ලබයි.

කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක සතුන් ඝාතනය සඳහා අවසර ලබා නොදෙන බවට සියලු මුස්ලිම් දේවස්ථාන භාරකාර මණ්ඩල වෙත මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.බි.එම්. අෂ්රෆ් මහතා විසින් ලිඛිතව දන්වා යවා තිබේ.
මුස්ලිම් ජනතාවගේ හජ් උත්සවය ලබන 21 වනදා සමරනු ලබන අතර එදින සිට දින තුනක් මෙම දානමය කටයුත්ත සිදු කළ හැකියි.

කෙසේ නමුත් මෙවර 23 වනදා පෝය දිනයක් වන බැවින් එය දින දෙකකට පමණක් සීමා වෙයි.

administrator

    Related Articles

    Close
    shares