Lanka Focus News

මෙවර මැතිවරණ ප්‍රතිඵලය නවසීලන්ත දේශපාලනය මවිත කරයි

මෙවර මැතිවරණ ප්‍රතිඵලය නවසීලන්ත දේශපාලනය මවිත කරයි

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන්ගේ කම්කරු පක්ෂය සමත්ව ඇත.

ඊයේ (17) පැවති ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරියගේ පක්ෂය සියයට 49ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ සියයට 27ක ඡන්ද ප්‍රතිශතයකි.

ඒ අනුව 1996 වසරේ නව මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව නවසීලන්තයේ කිසිදු දේශපාලන පක්ෂයකට හිමිකර ගැනීමට නොහැකි වු පාර්ලිමේන්තුවේ බහුතර බලය මෙවර මැතිවරණයේ දී කම්කරු පක්ෂය විසින් හිමිකරගනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඡන්ද ප්‍රතිශතය අනුව සමස්ත ආසන සංඛ්‍යාව වන ආසන 120න් 64ක බලය ඔවුන්ට හිමිවනු ඇති බව සදහන් වේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares