Lanka Focus News

මුහුණු ආවරණයක් නොපැලදීමෙන් දෙවන වරටත් දඩ කෑ ජනාධිපති

මුහුණු ආවරණයක් නොපැලදීමෙන් දෙවන වරටත් දඩ කෑ ජනාධිපති

මුහුණු ආවරණයක් නොමැතිව යතුරු පැදි පෙළපාලියකට එක්වූ බ්‍රසීල ජනාධිපතිවරයාට දඩ නියම කිරීමට සාඕ පවුලෝ ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

මුහුණු ආවරණයක් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දඩ නියම වූ දෙවන අවස්ථාව මෙය වෙයි.

කොවිඩ් වෛරස් වසංගතය හේතුවෙන් වැඩිම පිරිසක් මිය ගිය රටවල් අතර දෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයේ සමස්ත මරණ 486,000 ඉක්මවා තිබේ.

වසංගතය පාලනය නොකිරීම සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ලවන්නේ ද බ්‍රසීල ජනාධිපතිවරයාටය.

එවන් පසුබිමක බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ සාඕ පවුලෝ හි යතුරු පැදි පෙළපාලියකට එක්ව තිබුණි.

සාඕ පවුලෝ හි පොදු ස්ථානවල මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර ජනාධිපතිවරටයා එය උල්ලංඝනය කරමින් ඊට සහභාගී වී ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාට අමෙරිකානු ඩොලර් 110 ක දඩ මුදලක් නියම කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

administrator

    Related Articles

    Close
    shares