Lanka Focus News

මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700ක් අනතුරේ

මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700ක් අනතුරේ

මුතුරාජවෙල පරිසර පද්ධතියට හානිවන අයුරින් දියත්කිරීමට සූදානම්වන ව්‍යාපෘතියට එරෙහිව නැගීසිටින ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල තෙත් බිමේ අක්කර 700ක භූමි ප්‍රමාණයක් අත්තනෝමතික අයුරින් නව ව්‍යාපෘතියක් සඳහා යොදාගනිමින් සිටින බවත් එමගින් එම කලාපයට විශාල හානියක් සිදුවෙමින් පවතින බවත් මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය ඊයේ (07) අනාවරණය කළේය.

administrator

    Related Articles

    Close
    shares