Lanka Focus News

මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහි රිට් පෙත්සම සලකා බැලීමට දින දෙයි

මීගමුව බන්ධනාගාර හිටපු අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට එරෙහි රිට් පෙත්සම සලකා බැලීමට දින දෙයි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත් අඩංගුවට ගැනීමට අදාළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අගොස්තු මස 5 දා සිදු කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. ඒ, ඔහු අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත්හිටුවන ලෙසට හිටපු බන්ධනාගාර අධිකාරිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සමට අද සළකා බැලීමේදියි.

මිගමුව බන්ධනාගාරය තුළ සිටින රැදවියන්ට විද්‍යුත් උපාංග ඇතුළු වෙනත් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු නිලධාරීන් 4 දෙනෙක් චෝදනා ලැබ සිටිනවා. ඊට අයත් එක් ජේලවරයෙකු ඉකුත්දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර ඔහු මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    Please support the site
    By clicking any of these buttons you help our site to get better
    shares