Lanka Focus News

මාරක රියඅනතුරු 7ක්

මාරක රියඅනතුරු 7ක්

ඊයේ දිනය තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවල මාරක රියඅනතුරු 7ක් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එම අනතුරුවලින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

“ඊයේ දිනයයේදී මාරක රිය අනතුරු 7ක් වාර්තා වී තිබෙනවා. ඒ වාගේම ඊට පෙර දිනවල සිදුවූ රිය අනතුරුවලින් ඊයේ දිනයේදී දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී මියගිය මුළු සංඛ්‍යාව 9 දෙනෙක් පමණ වෙනවා. රියඅනතුරුවලින්. මේ 9 දෙනාගෙන් එක් අයෙක් පදිකයෙක්. තවත් තැනැත්තෙක් බස් රථයක පා පුවරුවේ ගමන් කළ මගියෙක්. ඒ වගේම තිදෙනෙක් යතුරුපැදිකරුවන්, එක් අයෙක් පා පැදි කරුවෙක් අනෙක් දෙදෙනා ත්‍රීරෝද රථවල ගමන් කළ පුද්ගලයින්. මෙම රියඅනතුර දත්ත විශ්ලේෂණය කිරීමේදී ඉතාම පැහැදිලි වෙනවා පාරේ කුඩා වාහනවලට එනම් මෝටර් රථ සහ ත්‍රීරෝද රථ ගමන් කරන්නන් ඒ වාගේම මගීන් පාරේ පයින් ගමන් කරන්නන් රිය අනුතුරවල, මාර්ක රියඅනතුරවල වින්දිතයින් බවට පත්වෙන බව මේ නිසා මේ ගැන ඔබ වැඩි සැලකිල්ලකින්, අවදානයකින් කටයුතු කරන්න. විශේෂයෙන්ම පා පුවරවල ගමන් කිරීමේ දී පා පුවරුවල ගමන් කිරීම තහනම් කියලා තියෙනවා. ඒ වගේම සෑම අවස්ථාවකමදීම බසයට නගින විට නැත්නම් බසයෙන් බසින් විට නිරන්තරයෙන් එම ආධාරකය සුරක්ෂිතව අල්ලාගෙන බස් රථයට ගොඩවීමට කටයුතු කරන්න. තලාතුඔය ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් මේ ආකාරයට පා පුවරුවේ ගමන්කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ නිසා එක් පැත්තකින් කාලගුණය සමඟ රිය අනතුරවල වර්ධනයක් තිපෙනවා අනෙක් පැත්තෙන් විශේෂයෙන්ම රියදුරන්ගේ අපරික්ෂාකාරී නොසැලකිළිමත් ධාවනය නිසා රියඅනතුරුවල වර්ධනයක් තිබෙනවා. ඒ වගේම 40කට ආසන්න පිරිසක් ඊයේ දිනයේදී රිය අනතුරුවලින් තුවා ලබා තිබෙනවා. මෙය ව්‍යසනයක් මෙය පානය කර ගැනීමට ඔබේ සහය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා.“

ඊයේ උදෑසන 9.30ට පමණ කෑගල්ල-නුවර ප්‍රධාන මාර්ගයේ අන්නාසිගල ප්‍රදේශයේදී සිදුවූ රියඅනතුරකින් කාන්තාවක් මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නුවර දෙස සිට කොළඹ දෙසට ගමන්ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ගමන් කර මාර්ගයේ ගමන්ගත් පදික කාන්තාවකගේ හා අසල තිබූ හාඩ්වෙයාර් ආයතනයකද, එම ආයතන ඉදිරිපිට සිටි තවත් පදිකයෙකුගේ සහ ලොරි රථයකද ගැටී එම අනතුර සිදුව ඇත.

මේ අතර තලාතුඔය ප්‍රදේශයේදී බස් රථයක පා පුවරුවේ ගමන් ගත් පුද්ගලයෙක් පා පුවරුවෙන් ඇද වැටී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

administrator

    Related Articles

    Close
    shares