Lanka Focus News

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට තවත් සාමාජිකයෙක්

මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට තවත් සාමාජිකයෙක්

ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට පත්කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය ලබාදී තිබේ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඒ බව පැවසීය.

මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පාර්ලිමේන්තු සභාව රැස්වූ අවස්ථාවේදීය.

ඒ මහතා 2016 වසරේදී ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

මේ අතර ‍ධරනී ශිරන්තා විජයතිලක මිය, ජයන්ත එම් ස්වාමිනාදන් මහතා, ඒ ඒ මොහොමඩ් ෆාතිහු මහතා සහ සෙල්ලතම්බි සුමිත්‍රා මිය හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ සාමාජිකයන් ලෙස නැවත පත්කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බවද ධම්මික දසනායක මහතා පැවසීය.

administrator

Related Articles