Lanka Focus News

මහේල ගැන අලුත් ආරංචියක්

මහේල ගැන අලුත් ආරංචියක්

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් උපදේශක පුහුණුකරු ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එළඹෙන 09 වනදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ඔහු මෙලෙස දිවයිනෙන් පිටත්වන බවය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් උපදේශක මහේල ජයවර්ධන එහි රැඳී සිටිනු ඇති බවය.

එසේම සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගාවලියේ ජාතික කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ අතර ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුයුක්තව සිටින පිතිකරණ පුහුණුකරු රුවින් පීරිස් එම සංචාරය සඳහා ජාතික කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර ඇත.

administrator

Related Articles