Lanka Focus News

මහල් නිවාස සංකීර්ණයක ගින්නක් – ළමුන් ඇතුළු 19 දෙනෙකු මරුට

මහල් නිවාස සංකීර්ණයක ගින්නක් – ළමුන් ඇතුළු 19 දෙනෙකු මරුට

අමෙරිකාවේ නිව්යොර්ක් හි පිහිටි මහල් නිවාස ගොඩනැගිල්ලක ඇතිවු ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

ගින්නෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මහල් 19කින් යුත් ගොඩනැගිල්ලක දෙවන සහ තෙවන මහල්වල එම ගින්න හටගෙන ඇති අතර සෑම මහලකටම දුමාරය පැතිරගොස් ඇති බව සඳහන්ය.

වසර 30කට පසුව අමෙරිකාවේ නිව්යෝර්ක් හි සිදුවු දරුණුතම අනතුර එය ලෙස සැළකේ.

විදුලි හීටරයක් හේතුවෙන් එම ගින්න හට ගන්නට ඇති බවට එරට පොලීසිය සැකපළ කර තිබේ.

administrator

Related Articles