Lanka Focus News

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

ඇෆ්ගනිස්තානයේ කුන්දුස් නගරයේ පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.

අදාළ දේවස්ථානයේ සිදු වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 50කට අධික පිරිසක් මියගොස් තවත් සිය දෙනෙකු පමණ තුවාල ලැබීය.

අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමෙන් අනතුරුව එරට සිදු වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙස සැලකේ.

මේ අතර ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු මැදිහත්වීම් අවසන්වීමෙන් පසු අමෙරිකානු නියෝජිතයින් සහ තලෙබාන් නියෝජිතයින් අතර පළමු සාකච්ඡාව අද දිනයේ දෝහාර් හිදී පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

administrator

    Related Articles

    Close
    shares