Lanka Focus News

මම ස්වාධීනයි -අගමැති

මම ස්වාධීනයි -අගමැති

ශ්‍රී ලංකාවට ඉදිරියේ දී රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ විදෙස් මාධ්‍යයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් විදියට ඔබට කොහොම ද මේ තත්ත්වය දැනෙන්නේ ?

“පුරවැසියෙක් විදියටත් අග්‍රාමාත්‍යවරයා විදියටත් කියන්නේ ඇත්තටම භයානක තත්ත්වයක් තියෙන්නේ. මම ආණ්ඩු කරලා තියෙනවා ජනතාවගේ මුලික ආහාර වේල් තුන ලබාදෙමින් සහ ආර්ථික තත්ත්වය දියුණු කරමින්. අපිට ඉන්ධන අවශ්‍ය නිසා දැන් අපි පෞද්ගලික අංශයේ ඉන්ධන සැපයුම්කරුවන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපි ගිහින් මිල දී ගන්නවා නෙමෙයි. පෞද්ගලික සැපයුම්කරුවන් ලබාදිය යුතුයි ඒ අනුව අපි ඔවුන්ගෙන් මිලදී ගන්නවා. සමහර විට ඔබ දන්නේ නැහැ කාගේ ඉන්ධන ද මිලදී ගන්නේ කියලා. නමුත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා මැදපෙරදිගින් ලැබුණා වගේ අනෙක් මුලාශ්‍රවලින් පවා අපට ඉන්ධන ලැබෙයි කියලා.”

ප්‍රශ්නය – ඒ කියන්නේ ඔබට තවත් ඉන්ධන අවශ්‍යතාව තියෙනවා. ඔබ තවදුරටත් සලකා බලනවා ද?

“ඔව් අපිට කොහෙන් හෝ ලැබුණොත් අපි ගන්නවා නැත්නම් අපි රුසියාවෙන් ලබාගන්න කටයුතු කරනවා. අපි චීනය සමගත් සාකච්ඡා කරමින් සිටියා. චීනය සහන ලබාදෙන ඔවුන්ගේම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ. නමුත් චීනය එකඟවෙලා තියෙනවා අනිත් රටවල් සමග අපට සහයෝගය ලබාදෙන්න.”

මේ අග්‍රාමාත්‍යවරයා තවත් විදෙස් නාළිකාවක් සමග ද සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබුණි.

ප්‍රශ්නය – මේ ඔබේ 5 වන වතාව අග්‍රාමාත්‍යවරයා විදියට කටයුතු කරන. ඔබ නොසන්සුන්තාවයෙන්ද?

“5 හෝ 6 වුණත් එය එන විදියට මම භාරගන්නවා. වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මෙය තමයි අභියෝගාත්මකම අවස්ථාව.”

ප්‍රශ්නය – ඔබ අවුරුදු 73ක් වයසයි. මේ කාලයේ දී බොහෝදෙනෙක් විශ්‍රාම යනවා හෝ පොතක් ලියන්න හිතනවා.

“අවුරුදු 73ක් වයස වීමේ වැරැද්ද මොකද්ද?”

ප්‍රශ්නය – වයසේ වැරැද්දක් නෑ. මට දැනගන්න ඕනවුණේ මොකද්ද ඔබට මේ තත්ත්වය උනන්දු කළේ.?

“මම මෙය භාරගත්තාට පස්සේ කෙනෙක් මට ලිපියක් එව්වා. එහි සඳහන් වුණේ, ඩෙන් ෂියාඕ පිං පටන් ගත්තෙත් 73දී කියලා.”

ප්‍රශ්නය – ඔබ ස්වාධීන අග්‍රාමාත්‍යවරයෙක් ද නැත්නම් රාජපක්ෂලා විසින් පත්කරන ලද CEO කෙනෙක් ද?

“මම CEO කෙනෙක් නෙමෙයි. අග්‍රාමාත්‍යවරයෙක්. අග්‍රාමාත්‍යවරයා CEO කෙනෙක් වෙන්නේ නෑ කවදාවත්.”

ප්‍රශ්නය – ඔබ ස්වාධීන අග්‍රාමාත්‍යවරයෙක් ද?

“ඔව් මම ස්වාධීන අග්‍රාමාත්‍යවරයෙක්.”

ප්‍රශ්නය – ජනාධිපතිතුමාගේ මැදිහත්වීම් නැද්ද ?

“නැහැ. අපි අතර වෙනස් මත ඇති වුණොත් අපි එය කැබිනට් මණ්ඩලයේ දී හෝ පාර්ලිමේන්තුවේ දී විසඳගන්නවා.”

ප්‍රශ්නය – ඔබ ගන්නා තීරණවලය ජනාධිපතිතුමා විරුද්ධ වෙන්නේ නැහැ කියලා ද ඔබ කියන්නේ ?

“ඔව් මම ගන්නා තීරණ පිළිබඳව ඇතිවන ගැටලුවල දී මම ඔහුට දැනුවත් කරනවා. ඔහු ගන්නා තීරණ සම්බන්ධයෙන් ඔහු මාව දැනුවත් කරනවා.”

administrator

Related Articles