Lanka Focus News

මට මිනිස්සුන්ගෙන් පළිගන්න බෑ -හරීන්

මට මිනිස්සුන්ගෙන් පළිගන්න බෑ -හරීන්

අරගලය පාවා දුන් බවට චෝදනා කළත් තමා තවමත් අරගලයේ සිටින බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, අද වනවිට ලංකාව ඉතිහාසයේ දරුණතම තැනකට ඇඳවැටී ඇති බවය.

තමා අමාත්‍යධූරයක් භාරගත්තේ, රට වෙනුවෙන් යම් කැපකිරීමක් කිරීම සඳහා බව ද පැවසු අමාත්‍යවරයා, කිසිවිටෙකත් එවැනි තීරණයක් නොගෙන ජනතාවට සේවය කළ නොහැකි බව ද පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“අද ලංකාව ඉතිහාසයේ, වැටෙන්න ඕන උපරිම තැනට වැටිලා. මෙච්චර සිදුවීමක් වෙලා තියෙන මොහොතක අවාසනාවකට රටේ සමහර මිනිස්සු තවම දේශපාලනය කරනවා. මිනිස්සු ගැන හිතන්නේ නෑ. තමන්ට බලය ගන්න ඕන හේතුව ගැන හිතනවා. මට කිසිම මොහොතක ඇමතිකමක් උවමනා නිසා ගිය ගමනක් නෙමෙයි. මොකද මම සමගි ජන බලවේගයේ හිටියා නම්, සජබයේ අයට අමතක වුණාට පාක්ෂිකයින්ට අමතක නැතුව ඇති හැමදේම කළේ කවුද කියලා. මම සජබයේ හිටියා නම් අද වෙද්දි ආණ්ඩුව පෙරළලා, හොඳ තනතුරක් ගන්න ඕනේ නම් කරන්න තිබුණා. මිනිස්සුන්ගෙන් පළිගන්න මට බෑ. මම ඉස්සරහින්ම ඇවිල්ලා සියලුදේවල් කියපු කෙනෙක්.

දේශපාලන පටු අරමුණු තකා යන්න එපා. ඒ තකා යෑම තුළ වෙන්නේ රට තවත් අරාජික වෙන එක. අරගලය තියමු. අරගලයේ සටන් කරමු. ඒක කොතනකින්වත් අපි පැහැර හරින්නේ නෑ. 21 වෙනුවෙන් කරන්න ඕනේ සටන කරලා අපි කැබිනෙට්ටුවට දැම්මා. මිනිස්සු හිතන විදියට අද දාලා හෙට එළවන්න බෑ. එහෙම ක්‍රමවේදයක් නෑ. ලංකාවේ මිනිස්සු රාජපක්ෂලා එපා කිව්වා. කිසිම රාජපක්ෂ කෙනෙක් කැබිනෙට්ටුවේ නෑ. ඒ ජයග්‍රහණය තියෙනවා. ගෝඨාගෝහෝම් කියන දේට යන්න ඕන හරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යනවා. ඔය හැමදේටම වඩා තව මාසයකින් අපේ ජීවිතවලට මොකද වෙන්නේ කියලා කිසිදු ගාණක් නැති දේශපාලනඥයෝ කතා කරන හැටි දැක්කහම මම ඒ පක්ෂයේ හිටිය ද හිතෙනවා. මම දැක්කා පුංචි පැටව් අහනවා හරීන්ටයි මනුෂටයි දැන් සැප ද කියලා. අපිට සැපක් නෑ.

මම දේශපාලනය අතහැරලා මෙතෙනට ආවේ. ආය දේශපාලනය කරන්න ඕනේ කියලා අවස්ථාවාදී වුණේ නෑ. අපි දේශපාලනඥයෝ හැටියට වගකීමක් ගන්න වෙනවා. විපක්ෂයේ ඉඳලා බුර බුර ඉඳලා වැඩක් නෑ. එහෙම වෙලාවක් නෙමෙයි මේක. මේකට උදව් කරන්න බැරිව එක එක තැන්වල ලොකු කතා කියලා. ලංකාව වැටෙනකල් බලා ඉඳලා, ඡන්දයක් තියලා මේක ගන්න ඉන්න මනුස්සයෙක් ඉන්නවා නම් එයාගේ මානසිකත්වය ගැන තේරුම් ගන්න.”

administrator

Related Articles