Lanka Focus News

මට කටකතාවක් හදන්න ඒගොල්ලෝ ටක් ගාල බලනවා.

මට කටකතාවක් හදන්න ඒගොල්ලෝ ටක් ගාල බලනවා.

ගයත්‍රී මේ දවස්වල මොකද වෙන්නේ?

ඇත්තම කියනවා නම් මේ දවස්වල වැඩි හරියක් ඉන්නේ සැලෝන් එකේ. මොකද දැන් අපිට වැඩ නැහැනේ. අපිට දැන් රඟපාන ඒවාත් අඩුවෙලා. ඊයේ පෙරේදා වැඩ කිහිපයක් කළා. අනික පටන්ගත්තු වැඩ කිහිපයක් අතරමග නතර වුණා. ඒක හින්දා සැලෝන් එකේ වැඩකටයුතුවලට වැඩි ඉඩක් වෙන් කරන්න අදහස් කළා.

ඒ මොකක්ද ?

කේෂ්ත්‍රය පිරිහෙනවා නම් පිරිහීමකට ලක්වෙන්නේ ක්ෂේත්‍රයේ සිටින සියයට පනහක වගේ පිරිසක් නිසා. තව සියයට පනහක් ඉන්නවා ප්‍රේක්ෂකයන්. මොකද ප්‍රේක්ෂකයන් අතරත් හොඳ ප්‍රේක්ෂකයෝ වගේම කුහක ප්‍රේක්ෂකයෝත් ඉන්නවා. මොකද අපි මොන දේ කළත් ඒ දේ පිළිගන්න පිරිසකුත් ඉන්නවා. අපි කොච්චර හොඳ දෙයක් කළත් ඒක නරක විදිහට පිළිගන්න පිරිසකුත් ඉන්නවා. ඒකට හේතුව සමහර මිනිස්සුන්ගේ හිත්වල ලොකු තරහක් ඉසිරියාවක් තියෙනවා. බොහොම සුළු පටු අදහස් හින්දා අපිට වෛර කරන කුහක පිරිසකුත් මේ ප්‍රේක්ෂකයෝ අතර ඉන්නවා. නමුත් අපි කොයි වෙලාවකවත් කිසිම කෙනකුට නකර විදිහට සලකන්නේ නැහැ.

මොකද සමහර වෙලාවට අපේ නිව්ස් එකක් ගියහම පින්තූරයක් ගියහම ඒක යටින් අපිට හොඳ කමෙන්ට් වගේම සෑහෙන බැණපු කමෙන්ට්ස් පවා තියෙනවා. මොකද මම දරුවෝ දෙන්නෙක් ඉඳලා ලස්සනට ඉන්න එකත් සමහරුන්ට ප්‍රශ්නයක්. ඉසිරියාවක්. ඒක බලාගෙන ඉන්න බැරි ගතියක් තියෙනවා.

කටකතා ගැන මොකද හිතන්නේ ?

කටකතා කියෙන්නෙත් ඉතිං අපි මිනිස්සු අතර හුඟක් වෙලාවට කතාවෙනවා කියන එකනේ. ඒ කියන්නේ මිනිස්සුන් අතර අපි ඉන්නවා කියන එකයි. අපි මොන දේ කළා වුණත් අපි මොනවාද කරන්නේ මොනවාද මෙයාට තියෙන ප්‍රශ්න, හස්බන්ඞ් නැතිද? වෙනමද ඉන්නේ කියනවා වගේ කමේන්ට් පවා වැටෙනවා. හස්බන්ඩ් එක්කද ඉන්නේ කා එක්කද ඉන්නේ කියන එක කාටවත් අදාළ නැහැනේ? අපි කරන දේ දැකලා සතුටු වෙන්න පුළුවන් නම් එච්චරයි.

පසුගිය දවස්වල ඔබට කොවිඩ් හැදිලා කියලත් යූටියුබ් නාලිකාවල ප්‍රචාරය වුණා ?

මට කොරෝනා හැදිච්ච කිසිම කෙනෙක් එක්ක සහසම්බන්ධයක් තිබුණේ නැහැ. මගේ නම ඔතැනට ඈඳුණේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. මොන කතාවක් ගියත් මගේ නම ඈඳෙනවා. ඔය පසුගිය කාලයේ ගායිකාවක් සමග සම්බන්ධ වෙච්ච යම්කිසි සිදුවීමකට මාව ඈඳගෙන තිබුණා. එතකොට වෙන වෙන ප්‍රශ්නවලටත් මගේ නම ඈඳාගෙන තිබුණා.

ගයාත්‍රිට කාලෙන් කාලෙට නළුවන්ගේ නිවේදකයන්ගේ ක්‍රීඩකයන්ගේ නම් පැටලෙන්නේ ඇයි?

ඉතිං මම දන්නේ නැහැ. ඕකත් අර මුලින් දීපු උත්තරයට සමානයිනේ. මම කා එක්ක හරි චුට්ටක් කතා කළත් කවුරු හරි හිතන්නේ වෙන දෙයක්. මම හිතන්නේ මම මගේ වයසේ හැටියට පිළිවෙළකට ජීවත්වන කෙනෙක්. හැමෝටම ඔය ප්‍රශ්නය තියෙනවා. මට ඕනෑ තරම් ප්‍රේක්ෂකයෝ ඉන්නවා මට ගොඩක් ආස කරන. ඉතිං ඒ අයට ඉසිරියාවක් තියෙනවා මම කාත් එක්ක හරි කතාබහ කරලා ඉන්නවාට. මට කටකතාවක් හදන්න ඒ ගොල්ලෝ ටක් ගාල බලනවා. ඉතිං ඔය නළුවන්ගේ, නිවේදකයන්ගේ, ගායකයන්ගේ නම් සම්බන්ධ කිරීම ගැන මම දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් මම ඒ ගැන හොයන්නේ නැහැ. සමහර වෙලාවට ඔය වගේ දේවල් මට ආරංචි වෙන්නෙත් වෙබ් සයිට් එකකින් තමයි. ඉතිං මම ඔය දේවල් ගැන දන්නේ නැහැ කියන කට්ටිය තමයි දන්නේ.

administrator

    Related Articles

    Close
    shares