උමාරියා සිංහවංශ (Umaria Sinhawansa) කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායන තරුවක්. ඉතින් මේ දිනවල ඇයගේ මන්ද පමා ගීතය නිසා ඇය තව තවත් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා.
ඇගේ ගීතය යූටියුබ් සමාජ ජාලා මාධ්‍ය මිලියන පහත් පසු කර තියෙනවා. “මගේ හස්බන්ඩ් දිමිත්‍රි පොන්සේකා තමයි මන්ද පමණ ගීතේ නිර්මාණය කළේ.
එයා තනුව නිර්මාණය කරාට පස්සේ තමයි වචනවලින් මනුරංග එකතු වෙන්නේ, අපි ඉස්සෙල්ලා ම එක් ගීතේ නම් කරන්න හැදුවේ ‘විල්තෙර’ කියලා. ඒ උනාට මම යෝජනා කළේ ‘මන්ද පමා’ (Manda Pana) කියලා දාමු කියලා.
ඒකේ පොඩි ගැම්මක් තියෙනවා කියලා මට හිතුණා. අපි මේක නිර්මාණය කළේ මීට මාස අටකට විතර කලින්. කෙනෙකුගේ ස්වරූපයෙන් අපිට බෑ. ඒ පුද්ගලයාගේ දක්ෂතාවය මනින්න. මම කෙනෙක් එක පෙනුමෙන් ඒ කෙනාව කවදාවත් මනින්නෙ නැහැ.
මං පුංචි කාලයේ හුඟක් මහතයි. මම හිතුවා මේ මහත මගේ සෞඛ්‍යයට එච්චර හොඳ නෑ කියලා. ඊට පස්සේ තමයි මං ජිම් එකට යන්න තීරණය කළේ.
අපේ අවංක කැපවීම සහ උත්සාහය තමයි අපේ ගමනට හේතු වෙන්නේ. මගේ අක්කා තමයි හැමදාම මගේ හැමදේටම පස්සෙන් හිටියේ අම්මා වගේ. එයා මගේ දෙවැනි අම්මා.” යනුවෙන් ඇය අදහස් දැක්වූවා.