Lanka Focus News

බොහෝ ප්‍රදේශවලට වැස්ස වැඩිවෙයි

බොහෝ ප්‍රදේශවලට වැස්ස වැඩිවෙයි

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුර පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

දිවයිනේ අනිකුත් ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට වැසි හෝ ගිගුරුම සහිත වැසි ඇතිවිය හැක.

මේ අතර බස්නාහිර, සබරගමුව, උතුරු, උතුරු මැද සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

administrator

Related Articles