Lanka Focus News

බොලීවියාවේ කොවිඩ් මරණ ඉහළ යයි

බොලීවියාවේ කොවිඩ් මරණ ඉහළ යයි

බොලීවියාවෙන් දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ් නයින්ටින් ආසාදිත මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.

ඒ අනුව, කොවිඩ් මරණ 89 ක් සිදුව ඇති අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 3153 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව බොලීවියාවේ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාව වන බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට බොලිවීයාවෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares